Legal
Samsung KNOX රහස්‍යතා ප්‍රතිපත්තිය
බලාත්මක වන්නේ: 08-01-2021
Samsung Electronics Co., Ltd. (“Samsung,”) සිය පාරිභෝගිකයන්ට සහ ඔවුන්ගේ සේවකයන්ට හා හවුල්කරුවන්ට රහස්‍යතාව කෙතරම් වැදගත් දැයි දන්නා අතර අප විසින් ඔබේ තොරතුරු රැස් කරන, භාවිතා කරන, අනාවරණය කරන, මාරු කරන හා ගබඩා කරන ආකාරය පිළිබඳ පැහැදිලි වීමට යත්න දරන්නෙමු. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් Samsung Knox හෝ මෙම රහස්‍යතා ප්‍රතිපත්තියට සබැඳියක් ඇති හෝ ඒ වෙත යොමු කරන වෙනත් සේවා (පොදුවේ, “ව්යාපාර සේවා”) ඔස්සේ රැස් කරන පුද්ගලික තොරතුරුවලට අදාළව අපගේ තොරතුරු පරිචයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයයි.
ව්‍යාපාර සේවා හෝ අදාළ නීතිවලට සිදු කරන වෙනස්කම්වලට අදාළව අපගේ පුද්ගලික තොරතුරු පරිචයන්හි සිදුවන වෙනස්කම් නිරූපණය කිරීම සඳහා මෙම රහස්‍යතා නිවේදනය කලින් කලට යාවත්කාලීන කරනු ලැබිය හැක. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය අවසන් වරට යාවත්කාලීන වූ දිනය අපි මෙම නිවේදනයේ ඉහළින් සඳහන් කරන්නෙමු. අප විසින් රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කරන්නේ නම්, අවශ්‍ය තැන්හි අප විසින් වැදගත් ලෙස සලකන වෙනස්කම් පිළිබඳව ව්‍යාපාර සේවාවන්හි නිවේදනයක් නිකුත් කිරීමෙන් හෝ ඔබ වෙත ඊමේල් කිරීමෙන් ඔබට කලින් දැනුම් දෙන්නෙමු.
අප ඔබ පිළිබඳව රැස් කරන තොරතුරු මොනවාද?
ව්‍යාපාර සේවා හා සම්බන්ධව අප විසින් විවිධාකාර පුද්ගලික තොරතුරු රැස් කරනු ලැබිය හැක.
උදාහරණ වශයෙන්:
- අප විසින් ඔබේ නම, ලිපිනය, ඊමේල් ලිපිනය, රට හා සබඳතා විස්තර, රාජකාරී නාමය හා තනතුර, සමාගම, ලියාපදිංචි විස්තර, කළමනාකරණය කළ උපාංග පිළිබඳ විස්තර (IMEI, අනු අංකය, මාදිළි නම වැනි) වැනි ඔබ සපයන පුද්ගලික තොරතුරු සහ ඔබ විසින් අපට එවන හෝ බෙදා හරින සන්නිවේදන රැස් කරනු ලැබිය හැක;
- අප විසින් ඔබ විසින් ව්‍යාපාර සේවා භාවිතා කළ වේලාව හා කාල සීමාව ඇතුළත් ව්‍යාපාර සේවා භාවිතය පිළිබඳ විස්තර; අප ඔබේ උපාංගයේ පිහිටුවා ඇති කුකි මත ගබඩා වී ඇති තොරතුරු; සහ ඔබේ උපාංග සැකසුම් පිළිබඳ තොරතුරු රැස් කරනු ලැබිය හැක;
- අප විසින් ඔබ හෝ ඔබේ සේවා යෝජකයා මිල දී ගෙන හෝ ලබාගෙන ඇති නිෂ්පාදන හා සේවා පිළිබඳ තොරතුරු සහ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සපයන ගෙවීම් විස්තර සහ වෙනත් තොරතුරු රැස් කරනු ලැබිය හැක;
- තව ද අප වෙත ඔබේ සේවා යෝජකයා හෝ සේවා සම්පාදකයා හෝ පොදුවේ හා වාණිජමය වශයෙන් ලද හැකි මූලාශ්‍ර වෙතින් (නීතියෙන් අනුමත කරන ආකාරයට) ඔබ පිළිබඳ පුද්ගලික තොරතුරු ලැබිය හැකි අතර අප විසින් ඒවා ඔබ වෙතින් හෝ ඔබ පිළිබඳව ලැබෙන වෙනත් තොරතුරු සමග සංයෝජනය කරනු ලැබිය හැක.
අප ඔබගේ තොරතුරු භාවිතා කරන්නේ කෙසේ ද?
අප රැස් කරන තොරතුරු පහත සඳහන් අරමුණු සඳහා භාවිතා කරනු ලැබිය හැක:
- ඔබ (හෝ ඔබේ සේවා යෝජකයා) ඉල්ලූ නිෂ්පාදන හා සේවා සැපයීමට සහ ඔබ හෝ ඔබේ උපාංගයට ලියාපදිංචි කිරීමට හෝ සත්‍යාපනය කර ගැනීමට;
- ඉල්ලූ විට, ඔබේ සමාගමේ මිල දී ගැනීමේ ඉතිහාසය, සේවා වාර්තාව හා වෙනත් අදාළ තොරතුරු සැලකිල්ලට ගනු ලබන වඩාත් හොඳ හා අභිමත ආකාරයට සැකසූ නිෂ්පාදන හා සේවා පිරිනැමීමට;
- අදාළ නීති මගින් අවශ්‍ය කරන විට ඔබේ වෙනම කැමැත්ත යටතේ, නව නිෂ්පාදන හා සේවා පිළිබඳව ඔබට දැනුම් දීමට;
- පගේ වෙළඳපල, පාරිභෝගිකයන්, නිෂ්පාදන, සහ සේවා (අපගේ නිෂ්පාදන සහ සේවා මත ඔබගේ මත විමසීම සහ පාරිභෝගික සමීක්ෂණ පැවැත්වීම ඇතුළුව) තක්සේරුව සහ විශ්ලේෂණය සඳහා;
- අපට ව්‍යාපාර සේවා වැඩි දියුණු කර නව නිෂ්පාදන හා සේවා සංවර්ධනය කරනු ලැබිය හැකි පරිදි සමාගම් විසින් ව්‍යාපාර සේවා භාවිතා කරන ආකාරය අවබෝධ කර ගැනීමට;
- නඩත්තු සේවා සැපයීමට හා ව්‍යාපාර සේවා මත ප්‍රමාණවත් ආරක්ෂක මට්ටමක් පවත්වාගෙන යාමට;
- Samsung හෝ අපගේ කිනම් හෝ අදාළ අනුබද්ධ සමාගම්වල, ව්‍යාපාර හවුල්කරුවන්ගේ, සේවකයන් හෝ පාරිභෝගිකයින්ගේ (උදාහරණ ලෙස නීති කටයුතුවල දී අභ්‍යන්තර පරීක්ෂණ හා යෝග්‍ය අධිකාරීන් මගින් සිදු කරන පරීක්ෂණ) අයිතීන්, දේපළ හෝ ආරක්ෂාව රැක ගැනීම සඳහා; සහ
- වෙනත් ආකාරයකින් ඔබේ වෙනම කැමැත්ත ඇතිව හෝ ඔබේ තොරතුරු රැස් කරන අවස්ථාවේ විස්තර කළ පරිදි හෝ.
ව්‍යාපාර සේවා ඔස්සේ කාලයත් සමග සම්බන්ධිත උපාංග මත හා තෙවැනි පාර්ශ්වීය වෙබ් අඩවි, උපාංග, යෙදුම් හා වෙනත් මාර්ගගත විශේෂාංග හා සේවා ඔස්සේ වෙබ් අඩවි මත ඔබේ මාර්ගගත ක්‍රියාකාරකම් පිළිබඳ පුද්ගලික තොරතුරු රැස් කරනු ලැබිය හැක. අප විසින් ව්‍යාපාර සේවා මත Google Analyticsහි ඒවා වැනි තෙවැනි පාර්ශ්වීය විශ්ලේෂණ සේවා භාවිතා කරනු ලැබිය හැක. මෙම විශ්ලේෂණ සේවා පාලනය කරන සේවා සැපයුම්කරුවන් ව්‍යාපාර සේවාවන්හි ඔබේ භාවිතය විශ්ලේෂණය කර ව්‍යාපාර සේවා වැඩි දියුණු කිරීමට අපට සහාය වෙයි. අප ලබා ගන්නා තොරතුරු මෙම සැපයුම්කරුවන් හා තොරතුරු භාවිතා කරන (නිදසුන් ලෙස ව්‍යාපාර සේවා භාවිතය තක්සේරු කිරීමට, ව්‍යාපාර සේවා පාලනය කිරීමට සහාය වීමට හා තාක්ෂණික දෝෂ නිශ්චයනය කිරීමට) වෙනත් අදාළ තෙවැනි පාර්ශ්වයන් වෙත අනාවරණය කරනු ලැබීමට හෝ ඍජුවම ඔවුන් වෙතින් රැස් කරනු ලැබීමට ඉඩ තිබේ. Google Analytics ගැන වැඩිමනත් යමක් දැන ගැනීමට, කරුණාකර http://www.google.com/analytics/learn/privacy.html සහ https://www.google.com/policies/privacy/partners/ වෙත පිවිසෙන්න.
අප ඔබගේ තොරතුරු අනාවරණය කරන්නේ කාටද?
අපි ඔබගේ කැමැත්ත නොමැතිව තෙවන පාර්ශ්ව වෙත ඔවුන්ගේ ස්වාධීන අලෙවිකරණය හෝ ව්‍යාපාරික අරමුණු සඳහා ඔබගේ තොරතුරු අනාවරණය නොකරමු. කෙසේ වුවත්, අප පහත අස්ථිත්වයන් සමග ඔබේ තොරතුරු බෙදා ගනු ලැබීමට ඉඩ ඇත:
· Samsung අනුබද්ධිත ආයතන;
· තෙවැනි පාර්ශ්වයන් සමග, ඉල්ලූ නිෂ්පාදන හා සේවා ඔබට ලබා දීමට අවශ්‍ය වන විට. නිදසුන් ලෙස, ඔබ විසින් ඉල්ලා ඇති ගනුදෙනු සකස් කිරීම සඳහා යෝග්‍ය ලෙස ඔබේ ගෙවීම් දත්ත මූල්‍ය ආයතන වෙත අනාවරණය කරනු ලැබීමට ඉඩ ඇත;
· බිල් කිරීමේ ක්‍රියාවලිය සඳහා අපට සහාය වන සමාගම් වැනි අප වෙනුවෙන් සේවා සපයන සමාගම්;
· වෙනත් පාර්ශ්වයන්: (i) නීතියට අනුකූල වීමට හෝ අනිවාර්ය නීති කටයුතුවලට ප්‍රතිචාර දැක්වීමට (සෝදිසි වරෙන්තුවක් හෝ වෙනත් අධිකරණ නියෝගයක් වැනි); (ii) අපගේ ව්‍යාපාර සේවා පාලනය කරනු ලබන ප්‍රතිපත්ති සත්‍යාපනය කිරීමට හෝ ඒවාට අනුකූලතාව ඇැති කිරීමට; (iii) Samsung හෝ අපගේ කිනම් හෝ අනුබද්ධ ආයතනයක්, ව්‍යාපාරික හවුල්කරුවකු හෝ පාරිභෝගිකයකුගේ අයිතීන්, දේපළ හෝ ආරක්ෂාව රැක ගැනීම සඳහා; (iv) ඒකාබද්ධ කිරීමක් හෝ පැවරීමක කොටසක් ලෙස හෝ බුන්වත්භාවය පිළිබඳ සිද්ධියක දී;
· ඔබ විසින් එබඳු බෙදාගැනීමකට කැමැත්ත ලබා දුන් විට හෝ එසේ කරන ලෙස ඉල්ලූ විට වෙනත් තෙවැනි පාර්ශ්වයන් සමග.
වෙබ් අඩවියක, ජංගම යෙදුමක හෝ වෙනත් මාර්ගගත සේවාවක (පුවත් හසුන් පුවරු වැනි) පොදු ක්ෂේත්‍ර වෙත ඔබ යොමු කරන ඉදිරිපත් කිරීම් ව්‍යාපාර සේවාවේ වෙනත් පරිශීලකයන්ට බැලිය හැකි වීමට ඉඩ ඇත. ව්‍යාපාර සේවාවන්හි වෙනත් පරිශීලකයන් මෙකී තොරතුරු භාවිතා කරන ආකාරය අප විසින් පාලනය කරන්නේ හෝ ඒ පිළිබඳව වගකීමක් දරන්නේ හෝ නැත. උදාහරණ ලෙස, ඔබ විසින් පොදු ක්ෂේත්‍ර තුළ ඉදිරිපත් කරන පුද්ගලික තොරතුරු වෙනත් අරමුණු සඳහා පණිවුඩ එවීමට අන් අය විසින් භාවිතා කරනු ලැබිය හැක.
අප ඔබගේ තොරතුරු ආරක්ෂිතව පවත්වා ගැනීමට කරන්නේ මොනවාද?
ව්‍යාපාර සේවාව සමග අප විසින් රැස් කරන තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අප විසින් දත්ත සංචිත ගුප්ත කේතනය ඇතුළු සාධාරණ භෞතික හා තාක්ෂණික උපාය මාර්ගයන් අනුගමනය කරනු ලැබේ. කෙසේවෙතත්, අප ඔබගේ තොරතුරු ආරක්ෂා කරනු පිණිස සාධාරණ පියවර ගන්නා නමුත්, වෙබ් අඩවි, අන්තර්ජාල සම්ප්‍රේෂණ, පරිගණක පද්ධති හෝ රැහැන් රහිත සම්බන්ධතා කිසිවක් සම්පූර්ණයෙන් ආරක්‍ෂිත නොවන බව කරුණාවෙන් සලකන්න.
අපි ඔබගේ තොරතුරු මාරු කරන්නේ කොහාට ද?
ඔබ විසින් ව්‍යාපාර සේවා භාවිතය හෝ ඊට සහභාගි වීමට, මෙම ප්‍රතිපත්තියට අනුකූලව, ඔබේ රටෙන් බාහිරව ඔබේ තොරතුරු මාරු කිරීම, ගබඩා කිරීම හා සකස් කිරීම ඇතුළත් වනු ඇත. ඔබගේ තොරතුරු මාරු කෙරෙනු ඇති රටවල දත්ත ආරක්ෂණ සහ අනෙකුත් නීති ඔබගේ රටෙහි ඒවා මෙන් විස්තීරණ නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂිතව තැබෙන බව තහවුරු කිරීමට, අදාළ නීතියට අනුකූලව අපි යෝග්‍ය පියවර ගනිමු.
ඔබට ඔබේ තොරතුරු වෙත ප්රවේශ විය හැකි ද?
සමහර අධිකරණ බලසීමාවල නීති යටතේ, ඔබට අප ඔබ පිළිබඳව රැස් කරන තොරතුරු පිළිබඳව විස්තර ඉල්ලා සිටීමට සහ එම තොරතුරුවල වැරදි නිවැරදි කිරීමට අයිතිවාසිකමක් තිබිය හැකිය. අප විසින් අහේතුක ලෙස නැවත නැවත කෙරෙන, සමානුපාතික නොවන තාක්ෂණික ප්‍රයත්නයක් අවශ්‍ය, අන් අයගේ පෞද්ගලිකත්වය විනාශ කරන, අතිශයින්ම අප්‍රායෝගික හෝ දේශීය නීතිය අනුව ප්‍රවේශය අන් ආකාරයකින් අවශ්‍ය නොකරන ඉල්ලීම් සැකසුම් කිරීම ප්‍රතික්ෂේප කරනු හැකිය. ඔබේ තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට ඔබ කැමති නම්, කරුණාකර මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ ඇමතීම කොටස ඔස්සේ අප අමතන්න.
ඔබ පුද්ගලික තොරතුරු මැකීම ඉල්ලන්නේ නම්, ඔබට සේවා වෙත පිවිසීමට හෝ භාවිතා කිරීමට නොහැකි වනු ඇති බව සහ ඉතිරි පුද්ගලික තොරතුරු Samsung වාර්තා සහ සංරක්ෂිත තුළ මද කලකට රැඳී තිබීමට ඉඩ ඇති බවට ඔබ දැනුවත් වන නමුත්, සැම්සුං එම තොරතුරු වාණිජ අරමුණු සඳහා භාවිතා නොකරනු ඇත. ඔබ විසින් මකා දැමීමට ඉල්ලීමක් සිදු කළ ද Samsung පරිශීලන නියම උල්ලංඝනය කර තිබීම හේතුවෙන් Samsung විසින් වෙබ් අඩවිය වෙත ඔබේ ප්‍රවේශය අත්හිටුවා, සීමා කර හෝ සමාපනය කර තිබේ නම්, Samsung හෝ අපගේ කිනම් හෝ අදාළ අනුබද්ධිත ආයතන, ව්‍යාපාර හවුල්කරුවන්, සේවකයන් හෝ පාරිභෝගිකයන්ගේ අයිතීන්, දේපළ හෝ ආරක්ෂාව රැක ගැනීමට අවශ්‍ය විට, ඔබේ පුද්ගලික තොරතුරු හෝ ඒවායින් යම් අදාළ කොටසක් තබා ගැනීමේ අයිතිය Samsung සතු වේ.
අප ඔබේ තොරතුරු තබා ගන්නේ කොපමණ කාලයකට ද?
අපි ඒවා රැස් කර ගන්නා ලද අරමුණ සඳහා අවශ්‍ය වන තාක් දුරට හෝ කිසියම් ගිවිසුමක් හෝ අදාළ නීතිය මගින් අවශ්‍ය කරන පරිදි පමණක් ඔබ පිළිබඳ තොරතුරු රඳවා ගන්නා බව තහවුරු කිරීමට සාධාරණ පියවර ගන්නෙමු.
අපගේ සේවා මත තෙවන පාර්ශ්ව සබැඳි සහ නිෂ්පාදන
අපගේ ව්‍යාපාර සේවා අපගේ පාලනයෙන් බැහැර තෙවන පාර්ශ්ව වෙබ් අඩවි සහ සේවා සමඟ සම්බන්ධ වීමට ඉඩ තිබේ. අපි, වෙබ් අඩවි හෝ අනෙකුත් සේවා මගින් රැස් කරන කිනම් හෝ තොරතුරක ආරක්ෂාව හෝ රහස්‍යතාව වෙනුවෙන් වගකීම නොදරමු. ඔබ විසින් පූර්වාරක්ෂක උපාය මාර්ග ගත යුතු අතර, ඔබ භාවිත කරන තෙවන පාර්ශ්වීය වෙබ් අඩවි සහ සේවාවලට අදාළ රහස්‍යතා ප්‍රකාශ සමාලෝචනය කළ යුතුය.
කුකී, බීකන සහ සමාන තාක්ෂණයන්
අපගේ ව්‍යාපාර සේවා මත අන්තර්ගත, ප්‍රචාරණ හෝ වෙනත් ක්‍රියාකාරීත්වයන් සපයන යම් යම් තෙවැනි පාර්ශ්වයන් මෙන්ම අප ද කුකී, බීකන හා වෙනත් තාක්ෂණයන් අපගේ ව්‍යාපාර සේවාවල යම් යම් ක්ෂේත්‍රයන් තුළ භාවිතා කරනු ලැබිය හැක.
කුකී
කුකී යනු ඔබගේ උපාංගය මත තොරතුරු ගබඩා කරන කුඩා ගොනු වේ. ඒවා ඔබගේ උපාංගය මත කුකී තැන්පත් කරන පාර්ශ්වයට වෙනස් වෙබ් අඩවි, සේවා, උපාංග සහ/හෝ පිරික්සුම් සැසි ඔස්සේ ඔබව හඳුනා ගැනීමට හැකියාව ලබා දෙයි. කුකී මගින් ප්‍රයෝජනවත් අරමුණු ගණනාවක් ඉටු කර දේ. උදාහරණ වශයෙන්:
කුකීවලට ඔබගේ පිරීමේ අක්තපත්‍ර මතක තබා ගත හැකි අතර එවිට ඔබට ඔබ සේවාවට ඇතුළු වන සෑම වතාවකම එම අක්තපත්‍ර ඇතුළු කිරීමට සිදු නොවේ.
පිවිසෙන්නන් ප්‍රවේශ වන්නේ කුමන පිටු හා විශේෂාංග කරා ද ඔවුන් ඒවායෙහි කොපමණ කාලයක් ගත කරන්නේ ද යන්න දැක ගැනීමට ඒවා අපට උපකාර වන බැවින් අපගේ සේවාවෙහි කුමන කොටසක් වඩාත් ජනප්‍රිය දැයි තේරුම් ගැනීමට කුකී අපට සහ තෙවන පාර්ශ්වවලට උපකාරී වෙයි. මෙම ආකාරයේ තොරතුරු අධ්‍යයනය කිරීමෙන්, අපට ව්‍යාපාර සේවා වඩා හොඳින් යොදාගැනීමට සහ ඔබට වඩාත් හොඳ අත්දැකීමක් සැපයීමට හැකිවේ.
ඔබ කුමන දැන්වීම් දැක ඇත්දැයි යන්න තේරුම් ගැනීමට කුකී අපට සහ තෙවන පාර්ශ්වවලට උපකාරී වන අතර එබැවින් ඔබ MMS සේවාව කරා ප්‍රවේශ වන සෑම අවස්ථාවකම එකම දැන්වීම නොදකිනු ඇත.
ඔබ අපගේ ව්‍යාපාර සේවා භාවිතය සහ අනෙකුත් වෙබ් අඩවි සහ යෙදුම් භාවිතය පිළිබඳ තොරතුරු රැස් කිරීමෙන් ඔබට අදාළ අන්තර්ගතය සහ වෙළඳ දැන්වීම් සැපයීමට කුකී අපට සහ තෙවන පාර්ශ්වවලට උපකාර කරයි.
ඔබ ව්‍යාපාර සේවා කරා ප්‍රවේශ වීමට වෙබ් බ්‍රව්සරයක් භාවිත කරන විට, සියලු කුකී පිළිගැනීමට, සියලු කුකී ප්‍රතික්ෂේප කිරීමට, හෝ කුකියක් එවනු ලැබූ විට ඔබට දැන්වීමක් ලැබීමට ඔබගේ බ්‍රව්සරය වින්‍යාස කිරීමට ඔබට හැකිය. සෑම බ්‍රව්සරයක්ම එකිනෙකට වෙනස් වේ, එබැවින් ඔබගේ කුකී මනාප වෙනස් කරන ආකාරය හැදෑරීමට ඔබගේ බ්‍රව්සරයේ “සහාය” මෙනුව පරීක්ෂා කරන්න. ඔබගේ උපාංගයේ මෙහෙයුම් පද්ධතිය තුළ කුකී පිළිබඳ අතිරේක පාලන අඩංගු විය හැක.
කෙසේ වෙතත්, ඇතැම් ව්‍යාපාර සේවා කුකී භාවිතයෙන් වැඩ කිරීමට සැලසුම් කර ඇති අතර කුකී අක්‍රිය කිරීමෙන් එම සේවා හෝ ඉන් නිශ්චිත කොටස් භාවිත කිරීමට ඔබගේ හැකියාවට බලපෑම් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
අනෙකුත් අභ්යන්තර ගබඩා
නිශ්චිත තෙවන පාර්ශ්වයන් සමඟ අපි, අපගේ ව්‍යාපාර සේවා සම්බන්ධයෙන් ස්ථානීයව බෙදාගත් වස්තු (“ෆ්ලෑෂ් කුකී” ලෙස ද හඳුන්වන) සහ HTML5 ප්‍රාදේශීය ගබඩා වැනි ප්‍රාදේශීය ගබඩා තාක්ෂණ භාවිත කළ හැකිය. මෙම තාක්ෂණ විධි ඉහත සාකච්ඡා කළ කුකීවලට සමාන වන අතර ඒවා ඔබගේ උපාංගය මත ගබඩා කර, ඔබගේ ක්‍රියාකාරකම් සහ මනාප පිළිබඳව යම් යම් තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිත කළ හැකිය. කෙසේවෙතත්, මෙම තාක්ෂණ විධි සම්මත කුකී මගින් ඔබගේ උපාංගයේ විවිධ කොටස් ප්‍රයෝජනයට ගත හැකි බැවින් ඔබට සම්මත බ්‍රව්සර් මෙවලම් සහ සැකසුම් භාවිතා කරමින් මේවා පාලනය කළ නොහැකි විය හැකිය. ෆ්ලෑෂ් කුකී තුළ අන්තර්ගත තොරතුරු අක්‍රිය කිරීම හෝ මැකීම පිළිබඳ විස්තර සඳහා කරුණාකර මෙතැන ක්ලික් කරන්න.
බීකන
නිශ්චිත තෙවන පාර්ශ්වයන් සමඟ අපි, ඔබගේ උපාංගයේ සිට සේවාදායකයක් කරා තොරතුරු සන්නිවේදනය කරන බීකන (හෝ “පික්සල්”) නමින් හඳුන්වන තාක්ෂණ ද භාවිත කරනු ලැබිය හැකිය. බීකන මාර්ගගත අන්තර්ගතයක, වීඩියෝ, සහ ඊමේල් තුළ කාවැද්දිය හැකි අතර, ඔබගේ උපාංගය වෙතින් නිශ්චිත වර්ගවල තොරතුරු කියවීමට සේවාදායකයකට ඉඩ දීම, ඔබ විශේෂිත අන්තර්ගතය හෝ විශේෂිත ඊමේල් පණිවුඩයක් බැලූවිට දැනගැනීම, ඔබ බීකනය බැලූ වෙලාව සහ දිනය තීරණය කිරීම, සහ ඔබගේ උපාංගයේ IP ලිපිනය දැන ගැනීම කළ හැකිය. අප සහ නිශ්චිත තෙවන පාර්ශ්ව අපගේ ව්‍යාපාර සේවා භාවිතය විශ්ලේෂණය කිරීමට සහ (කුකී සමඟ සංයෝජනයෙන්) ඔබට වඩාත්ම අදාළ අන්තර්ගතය සහ වෙළඳ දැන්වීම් සැපයීමට ඇතුළුව, විවිධ අරමුණු සඳහා බීකන භාවිතා කළ හැකිය.
අපගේ ව්‍යාපාර සේවා කරා ප්‍රවේශ වීමෙන් සහ භාවිතා කිරීමෙන්, ඔබ කුකී, අනෙකුත් ස්ථානීය ගබඩා තාක්ෂණ, බීකන සහ අනෙකුත් තොරතුරු ඔබගේ උපාංගය මත ගබඩා කිරීමට කැමැත්ත දෙන්නෙහිය. තව ද ඔබ අප සහ ඉහත සඳහන් කළ තෙවන පාර්ශ්ව විසින් එවැනි කුකී, අනෙකුත් ස්ථානීය ගබඩා තාක්ෂණ, බීකන සහ තොරතුරු කරා ප්‍රවේශ වීමට අනුමැතිය ලබා දෙන්නෙහිය.
අමතන්න
ඔබට මෙම ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න තිබේ නම්, කරුණාකර මේ ඔස්සේ අප අමතන්න:
Samsung Electronics Co., Ltd.
ජංගම දුරකථන අංකය B2B PM සමූහය
dataprivacy@samsungknox.com